Thursday, September 19, 2024

General line - 0115112241

ජයලලිතා වෙනුවෙන් තමිල්නාඩුවේ දින 7ක ශෝක කාලයක් (VIDEO)




අභාවප‍්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා.

තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාසල් දින 3ක් වසා තැබීමට ද ප‍්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජයලලිතා ජයරාම්ගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා චෙන්නායි හි රාජාජි ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම ශාලාව වටා රොක්ව සිටින ආකාරය ඉන්දීය රූපවාහිනී නාලිකා සජීවීව විකාශය කළා.

 

සබැඳි පුවත්

ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වෙයි