Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට




ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය ඩක්වත් සහ ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26කින් පරාජය කරමින්.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සියලූදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 194ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම අතරවාරයේදී වර්ෂාව ඇදහැලූණා.

ඒ වන විට පන්දුවාර 27යි එක් පන්දුවක් යවා තිබුණු අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටියා.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.