Friday, January 17, 2025

General line - 0115112241

කෝලිගේ සිව්වන ද්විත්ව ශතකය




සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි අද (10) සමත් වුණා. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීයි.

පන්දු 246ක දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 204ක්. ඒ, හතරේ පහර 24ක් ද සමගයි. මෙම තරගයේ දෙවන දිනය වන අද දිනයේ සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ හයක් දැවී ලකුණු 594ක් රැස්කර සිටියා.

Image