Wednesday, February 5, 2025

General line - 0115112241

රාජ්‍ය සේවයේ හා රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ පරිවර්තනිය අවස්ථාව ජනපති පෙන්වයි




තොරතුරු දැනගැනීමේ පනත සහ විගණන පනත මෙරට රාජ්‍ය සේවයේ හා රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ පරිවර්තනිය අවස්ථාවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසවා.

වත්මන් ආණ්ඩුව බලයට පත් විමෙන් පසු මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම රාජ්‍ය සේවයේද විනිවිදභාවය සහ විනය ඇති කිරීමට ක‍්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34වන වාර්ෂික මහ සමුළුව අමතමින්  ජනාධිපතිවරයා මේ බව කියා  සිටියා.