Monday, April 29, 2024

General line - 0115112241

කම්කරු දිනය දවසෙදි කම්කරුවා අමතක කරලා




මෙවර මැයි දිනය සමරන ආකාරය පිළිබඳ දැනුවත් කිරිම වෙනුවෙන් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ සම්මන්ත‍්‍රණයක් අද (17) කොළඹ දි පැවැත්වුණා. මේ, එහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තිය සමිත මධ්‍යස්ථානයේ සභාපති කේ ඩි ලාල් කාන්ත.

“ගාමන් එකක වැඩ කරල ජීවිතේ ගොඩදාගත්ත ගෑණු ළමයෙක් හොයල දෙන්න පුළුවන්නම්. වැඩ කරනව එයාල. පැය 08 වැඩ කරනව. හැබැයි ප්‍ර‍තිපල නෙලාගන්න තැනදි එයාල නෑ. ගොවියටත් එහෙමයි. ප්‍ර‍තිපල එන තැනදි ගොවිය නෑ. මෙතනදිත් කම්කරුවව අමතක කරල තියෙනව. කිහිප දෙනෙකු අතරෙ විතරයි ඒ ප්‍ර‍තිපලය බෙදෙන්නෙ.“