Monday, April 29, 2024

General line - 0115112241

සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනයට කඩුවෙල මහ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට




පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නාගරික මන්ත‍්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ අයෙකු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම ඝාතනවලට සම්බන්ධ තවත් සැකකාරියක් සහ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මිට පෙර අත්අඩංගුවට ගත්තා.

එම සැකකාරිය ගාල්ල වලහන්දූව ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු පානදුර කෙසෙල්වත්ත  ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකාරිය ඇප මත මුදා හැර ඇති අතර සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කෙරෙන බවයි  පොලිස් මූලස්ථානය සඳහන් කළේ.