Friday, September 20, 2024

General line - 0115112241

මතුගමදී ගිලන් රථයක් ප‍්‍රපාතයකට යයි




මතුගම, නෑබඩ ප‍්‍රධාන මාර්ගයේ කැන්දකඩුව ප‍්‍රදේශයේදී ගිලන් රථයක් ප‍්‍රපාතයකට පෙරළී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් එහි ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. 

රෝගියෙකු රෝහලක් වෙත රැගෙන ඒමට යමින් සිටියදී ගිලන් රථය අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ප‍්‍රපාතයට පෙරළී ඇත්තේ ඉන්දියානු ආධාර යටතේ මෙරට කි‍්‍රයාත්මක ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක් බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.