Wednesday, February 5, 2025

General line - 0115112241

විමල් දිවා ආහාරයත් ප්‍රතික්ෂේප කරයි




උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (22) දහවල් ආහාරයද ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කළ බවයි.

මන්ත‍්‍රීවරයා අද උපවාසය ආරම්භ කළේ උදෑසන ආහාරයද ප‍්‍රතික්‍ෂේප කරමින්. තමන්ට ඇප ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස උපවාසයේ යෙදී සිටිනවා.

මේ හේතුවෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමද ප‍්‍රතික්‍ෂේප කළා. රජයේ වාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් යටතේ ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි.