Friday, September 20, 2024

General line - 0115112241

මෛත්‍රී - පුටින් හමුවෙන්න සූදානම්




ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (22) රුසියාවට පැමිණියා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනූවයි.

එහි සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ‍්‍රී බණ්ඩාර සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (23) දිනයේදී රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියානු නිල සංචාරයක් සඳහා මීට පෙර ආරාධනාවක් ලැබී ඇත්තේ මීට වසර 43 කට පෙරයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී රුසියාව සමග ද්වීපාර්ශවික ගිවිසුම් රැසකට එකඟවීමටද නියමිතව තිබෙනවා.