මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (21) මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව මෙසේ අමාත්‍යවරයා මුලින්ම ගමන් ගත්තේ රේගුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක වෙත යි. අනතුරුව රේගු මූලස්ථානය ද ඔහු නිරීක්ෂණය කළා.
රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදු වන බවට භාණ්ඩ ආනයන ආයතන මගින් දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි අමාත්‍යවරයාගේ හදිසි රේගු සංචාරයට හේතු වී තිබුණා.
තවද විසි හතර පැය පුරා රේගු කටයුතු ක්‍රමවත්ව සිදු වන්නේ ද යන්න සොයා බැලීම ද මෙම සංචාරයේ අරමුණක්.
අමාත්‍යවරයා හිටි හැටියේ බහාලුම් අංගනය වෙත පැමිණීම රේගු නිලධාරීන්ගේ විමතියට හේතුවක් වී තිබුණා. එමෙන්ම බහාලුම් නිදහස් කරගෙන යාමට පැමිණි ආනයනකරුවන්ගේ නියෝජිතයන් සමග ද අමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා.
රේගු මූලස්ථානයේ රාත්‍රී සේවා මුරවල යෙදී සිටින නිලධාරීන් සමගද අමාත්‍යවරයා සාකච්ඡා සිදු කර තිබෙනවා.