Wednesday, February 5, 2025

General line - 0115112241

පාතාලේ බන්ටිගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරේ




පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු 7දෙනෙකුට මරු කැඳවමින් කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා මේ මස 27 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමකටයි.

බන්ටි නැමැති පාතාල සාමාජිකයා අංගොඩ ලොක්කා හා මාකඳුරේ ධනුෂ් නමැති ප්‍රබල පාතාල සාමාජිකයන්ගේ ගෝලයෙකු බව ද සඳහන්.

කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.