Wednesday, February 19, 2025

General line - 0115112241

මැංගුස් හටන පළමු දිනයේ කළුතර විද්‍යාලය ඉදිරියෙන්



කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 59 වන ‘‘මැන්ගුස් හටන’’ මහ ක‍්‍රිකට් තරගය කළුතර මහජන ක‍්‍රීඩාංගණයේ දී අද (24) ආරම්භ වුණා.

දිනය නිමා වනවිට තරගයේ වැඩි ගෞරව අත්කර ගෙන සිටියේ කළුතර විද්‍යාලයයි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් තිස්ස මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම ලකුණු 121කට සීමා කිරීමට කළුතර විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා. දිනය නිමා වනවිට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ කළුතර විද්‍යාලීය කණ්ඩායම කඩුලූ හතරක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 134ක්.