Friday, May 3, 2024

General line - 0115112241

තියුණු තරගයකින් පූනේ ජය ගනී




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) රාත්‍රියේ පැවති තරගයෙන් රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම ජය ගත්තා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින්. 

බැංගලෝර්හි එම් චින්නස්වාමි ක‍්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු අටක් දැවී ලකුණු 161 යි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිළිතුරු ඉණිම කඩුලු 08ක් දැවී ලකුණු 134 කට සීමා වුණා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දුවාර 4 ක් යවා ලකුණු 18 කට කඩුලු 03ක් දවාගත් රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායමේ බේන් ස්ටොක්ස්.