Saturday, July 27, 2024

General line - 0115112241

ලක්ෂ 70 ක මත්කුඩු ගුවන්තොටුපළේදී අල්ලයි




නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට උත්සහ කළ හෙරොයින් ග්රෑම් 708 ක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඩුබායි සිට අද (25) අලුයම මෙරටට පැමිණි වයස අවුරුදු 40ක පමණ පකිස්ථාන ජාතිකයෙකු මෙම හෙරොයින් ගෙනවිත් ඇති බවයි වාර්තාවන්නේ.

ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අදාල පාකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි අප වාර්තාකරු සදහන් කළේ.