Wednesday, May 8, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා යොවුන් කාන්තා දැල්පන්දු පිළ ආසියානු කුසලානය ගැන බලාපොරොත්තුවෙන්




සිය කණ්ඩායමේ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරි තරගවලට මුහුණ දෙන බව ශී‍්‍ර ලංකා යොවුන් කාන්තා දැල්පන්දු කණ්ඩායමේ නායිකා නදී මධුෂිකා ප‍්‍රනාන්දු පවසනවා.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ පාකිතානයට එරෙහිව ඊයේ (08) ලද ජයග‍්‍රහණයෙන් පසු නෙත් ස්පොර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.  

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට එක්ව සිටින ශී‍්‍ර ලංකාව මෙවර තරග වදින්නේ එ් කාණ්ඩයෙන්. ඊට හොංකොං, තායිලන්තය, මාලදිවයන සහ පාකිස්තානය ඇතුළත්ව සිටිනවා.

ශී‍්‍ර ලංකාව සහභාගි වූ පළමු තරගය ලකුණු 53 ට 48ක් ලෙස තායිලන්තය හමුවේ පරාජයට පත් වුණා. දැල්පන්දු ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව, තායිලන්තය හමුවේ පරාජයට වූ පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.