Sunday, September 22, 2024

General line - 0115112241

දහස් දෙනාගේ සාදු නාද මැද බක්කුල මහ සෑයට මුල්ගල් තබයි (VIDEO)




රටට ජාතියට නිරෝගී සුව පතා හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ බක්කුල චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ ඉදි කෙරෙනවා.

මෙම අසිරිමත් පුණ්‍ය කර්මය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයට පැමිණ සිටියා. 

තමන්ට ජීවිතයේ ලද මෙම මහගු අවස්ථාව පිළිබඳ ඔවුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. 

(එම හඬපටය පහතින් දැක්වෙයි)

මේ අතර අද රාත‍්‍රී 07.00ට ගලිගමුව ඥාණදීප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම දේශනාව නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා. 

බක්කුල මහ රහතන් හිමියන් ගැන කාව්‍යයම ධර්ම දේශනය පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. එය රාත‍්‍රී 08.00 සිට සජීවීව විකාශය කෙරෙනවා. 

සර්වඥ ධාතූන් වහන්සේ , බක්කුල මහ රහතන් වහන්සේගේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ සැදැහැවතුන්ගේ නමස්කාරය උදෙසා විවෘත කරනු ලබන්නේ රාත‍්‍රී 10.00 සිටයි. 

(හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිකරන බක්කුල මහා සෑයට මුල්ගල් තබන අසිරිමත් මොහොත.)



 


 


 


 


 



 

-----------------------------------

බක්කුල මහා සෑයේ තැන්පත් කරන ධාතූන් වහන්සේලා වැඩම කරවීම ඇරඹෙයි (PHOTOS)

(2017-05-10 16:02)

 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදි කෙරෙන බක්කුල මහා සෑයේ තැන්පත් කරන ධාතූන් වහන්සේලා වැඩමකරවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ විශේෂ රිය පෙරහැරකින්. 

බක්කුල මහ සෑය සඳහා මුල්ගල් තැබීමේ මහා පුණ්‍ය කර්මය ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇති. 

හොරණ විද්‍යාරතන මහා පිරිවනේ සිට  හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත මෙම ධාතූන් වහන්සේලා වැඩම කරවීම සිදු කෙරෙනවා.












------------------------------------

නෙත් රේඩියෝවේ දායකත්වයෙන් ඉදිකෙරෙන බක්කුල මහසෑයට මුල්ගල තැබීම පස්වරුවේ

(2017-05-10 07:13)

 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිකිරීමට නියමිත බක්කුල මහා සෑයට මුල්ගල් තැබීම අද (10) පස්වරුවේ සිදු කෙරෙනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ද දායකත්වයෙන් එම සෑය ඉදිකෙරෙන්නේ මෙරට ජනතාවට මෙන්ම සකල ලෝකවාසීන්ට ද නිරෝගි සුව ප‍්‍රාර්ථනය කරමින්. 

රුවන්වැලි මහ සෑය ගොඩනැගීම ආරම්භ කළ විසා නැකතින් බක්කුල මහ සෑයට මුල්ගල් තැබෙන්නේ හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෲ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි. 

මේ අතර මෙම පිංකමට සමගාමීව සර්වඥ ධාතූන් වහන්සේ සහ බක්කුල මහ රහතන් වහන්සේ ඇතුළු මහ රහත් ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව ද සැදැහැවතුන්ට හිමි වනවා. 

අද රාත‍්‍රියේ සිට එළඹෙන 13 වනදා මධ්‍යම රාත‍්‍රිය දක්වා හොරණ දික්හේනපුර සීල සුව අරණට පැමිණ ඔබටත් ධාතූන් වහන්සේ වැඳපුදාගත හැකියි. 

බක්කුල මහ තෙරුන්ගේ කතා වස්තු කොටගත් ඩිජිටල් තොරණක් ද සීල සුව අරණේ දී ප‍්‍රදර්ශනය කෙරෙනවා.

(ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ)