Sunday, September 22, 2024

General line - 0115112241

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පවුලේ සියලූ දෙනා අහිමි වූ සිසුවා කොළඹ නාලන්දයට (PHOTOS)




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් පවුලේ සියලූ සාමාජිකයින් අහිමි වූ අනුජ නෙත්සර සිසුවාට කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ, එම සිසුවාගේ සීයා විසින් කරන ලද  ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අනුජ නෙත්සර සිසුවාගේ මව, පියා හා සහෝදරිය ඇතුළු සියලූ සාමාජිකයින් ජීවිතක්ෂයට පත්වුණා.