Sunday, September 22, 2024

General line - 0115112241

තැලිසීමියා රෝගී දරුවන්ට නාවික හමුදාවෙන් නික්ෂේපන යන්ත‍්‍ර 300ක්




තැලිසීමියා යනු රුධිරයේ හිමොග්ලොබින්හී ප්‍රොටීන කොටස වන ග්ලොබින් නිෂ්පාදනය අඩුවීම නිසා ඇතිවන රක්‌තහීනතා තත්ත්වයකි. 

මෙය විශේෂයෙන්ම මාස හතරට පසු කුඩා ළමුන් අතර දැකිය හැකිය. 

ජාන මගින් සම්ප්‍රේෂණය වන මෙම රෝගය නිසා විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ විවිධ අවයව සහ වර්ධනය කෙරෙහි කෙළින්ම බලපෑම් ඇති කරයි.

ලියාපදිංචි ව සිටින තැලිසීමියා රෝගීන් 3500ක් සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නික්ෂේපන යන්ත‍්‍ර 300ක් බෙදා දී තිබෙනවා. 

ඒ, මහනුවර රෝහලේදීයි. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ නික්ෂේපන යන්ත‍්‍රයක් මීට පෙර විදේශීය රටකින් ආනයනය කළේ රුපියල් හැත්තෑපන් දහසක පමණ මුදලකට බවයි. 

එහෙත් නාවික හමුදාව එම යන්ත‍්‍රයක් ලබාදෙන්නේ රුපියල් පන්දහසක මුදලකට බවද අමාත්‍යවරයා සඳහන් කළා.