Sunday, September 22, 2024

General line - 0115112241

වැලිකඩ තොරණට ජීවය දුන් ජීවිතය අහිමි කරගත් මිනිසුන් දෙදෙනා




වෙසක් පොහොය නිමිත්තෙන් මේ වන විට රට පුරා වෙසක් තොරණ රාශියක් ඉදිකර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඉදිකර තිබෙන දැවැන්ත තොරණ රාජයාද එම තොරණ රැසක් අතරින් විශේෂත්වයක් ගන්නවා.

nethnews.lk එහි තොරතුරු සොයා බලන්නට ගියා.

මෙම දර්ශනීය තොරණ රාජයා නිර්මාණය කර ඇත්තේ විවිධ වැරදි සම්බන්ධයෙන් දඬුවම්වලට ලක්වූ බන්ධනාගාර රැඳවියන් විසින්.

කොළඹ ඉදිකර තිබෙන තොරණ රැසක් අතරින් වැඩිම පුවක් ගස් ප්‍රමාණයක් භාවිතා කර තිබෙන එකම තොරණ වන්නේද වැලිකඩ බන්ධනාගාර තොරණයි.

මෙම තොරණ රාජයා රණ මයුර ජාතකය විදහා පානවා.

ඒ සියල්ලකටම වඩා වඩාත් සංවේදී සිදුවීම වන්නේ මෙම තොරණ සඳහා සියලුම චිත්‍ර නිර්මාණයට මෙන්ම තොරණ ඉදිකිරීමට සහය දක්වා ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ රැඳවියෙකු වීමයි.

එමෙන්ම මෙම දර්ශනීය තොරණ සඳහා විදුලි ආලෝකය සැපයීමේ කාර්මික ශිල්පියාද මරණ දඬුවම නියමව සිටින රැඳවියෙකුයි.