Sunday, September 22, 2024

General line - 0115112241

නන්දසේන ඉවත් කළාට විරෝධය පා තවත් පළාත් ඇමතිවරයෙක් ඉවත් වෙයි




උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටි කේ.එච්.නන්දසේන හදිසියේම එම ධූරයෙන් ඉවත්  කිරීමට විරෝධය පා උතුරු මැද පළාත් සභාවේ තවත් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, ක්‍රීඩා, කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශය භාරව කටයුතු කළ  එස්.එම්. රංජිත් මෙලෙස සිය තනතුරුවලින් ඉවත් වෙන බවයි කොළඹදී අද (10) දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බලධාරීන් වෙත ලැබීමට සලස්වා ඇති බවත් සඳහන් කළා.