Sunday, September 22, 2024

General line - 0115112241

මත් ජාවාරම්කරුවන්ගේ ක්‍රියා විනාශ කරනවා - පිළියන්දලදී පොලිසියට එල්ල වූ ප්‍රහාරය ගැන පොලිස්පති කතා කරයි




පිළියන්දල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල් චමින්ද අබේවික්‍රම සැරයන් ධුරයට උසස් කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ එල්ලවු මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දක්ෂතම පොලිස් පරීක්ෂකවරයෙකු වන නියුමාල් රංගජීව මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබු තවත් පොලිස් නිලධාරියෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා රෝහලට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියා විනාශ කරන තුරු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රයත්නය කිසිසේත් අඩපණ නොකරන බව කියා සිටියා.

(එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාව පහතින්)