Sunday, September 22, 2024

General line - 0115112241

බුදුන් උපන් ලූම්බිනියට තර්ජනයක්




සිදුහත් කුමාර උත්පත්තිය සිදුවූ නේපාලයේ ලූම්බිණිය වායු දූෂණය හේතුවෙන් බරපතල තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා. 

නේපාලය පුරා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් ලබා ගත් දත්තවල දැක්වෙන්නේ ලූම්බිණිය ඉහළ වායු දූෂණයකට ලක්ව ඇති බවයි. 

මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේට මෙන්ම භාවනානුයෝගීය වැඩ සිටින සැදැහැවතුන්ට ද සිදුව ඇත්තේ මුඛ වාඩම් පැළදීමටයි. 

ලූම්බිණි පුදබිම ආසන්නයේ ඇති කර්මාන්තශාලා මෙම වායු දූෂණයට ප්‍රධානතම හේතුව බව විදෙස් මාධ්‍යන්හි සදහන්. 

පසුගිය ජනවාරි මාසයේ කරන ලද ගණනය කිරීම්වලට අනූව ලූම්බිණිය වායු දූෂක තත්ත්වය දැක්වුණේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 173.035

ඊට ආසන්න නගරයක් වන චිට්වාන්හි එහි අගය 113.32ක්. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනූව මිනිස් රුධිර නහර තුළට ඇතුළු විය හැකි සිහින් වායු දූෂක ආරක්ෂිත සීමාව වන්නේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 25ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

සම්බුද්ධ උපත සිදු වූ ස්ථානය සිහිකිරීම සදහා අශෝක අධිරාජ්‍යා විසින් කරවන ලද අශෝක ස්ථම්භයේ මතුපිට ජිප්සම්, ඩොලමයිට් ඇතුළු රසායනික කුඩු වශයෙන් තැන්පත්වී ඇති බව ද මූලික අධ්‍යයනයන්හිදී අනාවරණයවී තිඛෙනවා. ලූම්බිණිය යනු ලෝක උරුමයක්.