Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති පස්වරුවේ දිවයිනට




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දිවයිනට පැමිණෙනවා. 

ඒ මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සදහා සහභාගිවීමේ අරමුණින්. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ පස්වරු 06ටයි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුව හෙට පැවැත්වෙනවා.

 ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. 

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතිශ්‍ය වැදගත් බවයි බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. මාර්ග කිහිපයක් වසා දැමෙන අතර තවත් මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කෙරෙනවා. ඒ පිළිබ`ද සවිස්තර වාර්තාවක් බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.