Sunday, September 22, 2024

General line - 0115112241

හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පහන් කූඩු ප‍්‍රදර්ශනය අද සිට




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සිදු කෙරෙන ධාතූ නමස්කාරයට සමගාමීව සංවිධාන කෙරෙන පහන් කූඩු ප‍්‍රදර්ශනය අද (11) ආරම්භ වනවා.

පස්වරු 06.00 සිට මෙම පහන් කූඩු මහජනතාවට විවෘත කෙරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.        

අවට පාසල්වල දරු දැරියන් විසින් මෙම පහන් කූඩු නිර්මාණය කර තිබෙනවා. බක්කුල මහ රහතන් වහන්සේගේ කතා වස්තුව රැගත් ඩිජිටල් තොරණ ද හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී දැක බලා ගත හැකියි.

නෙත් එෆ් එම් රේඩියෝව සහ මයිසයිට් අයි ටී සොලියුෂන්ස් ආයතනය එක්ව මෙම ඩිජිටල් තොරණ නිර්මාණය කර තිබෙනවා. 







 

------------------------------

හොරණ සීල සුව අරණේ අදත් ආගමික වැඩසටහන් රැසක් - ධාතු නමස්කාරයත් දවස පුරා

(2017-05-11 06:22)

බක්කුල මහ සෑයට මුල් ගල තැබීමේ පිංකමට සමගාමීව අද දිනයේද හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තවත් පිංකම් රැසක් සංවිධානකර තිඛෙනවා. 

උදැසන අටට පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනය හා උදෑසන 11ට ධාතුන් වහන්සේ සදහා පවත්වන සම්බුද්ධ පූජාව ද නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇති. 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සිදු කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ බක්කුල මහ රහතන් වහන්සේගේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ සැදැහැවතුන්ගේ නමස්කාරය සදහා ඊයේ රාත්‍රී 10 සිට විවෘතව පවතිනවා. 

ඊයේ රාත්‍රීයේ සිට ධාතු නමස්කාරය සදහා සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙමින් එහි සිටින බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් සදහන් කළේ. මේ තමන් ලද දුර්ලභ අත්දැකීම පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ සැදැහැවතුන් පිරිසක්. 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදි කෙරෙන බක්කුල චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීම ඊයේ පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් සාර්ථකව සිදු කෙරුණා. 

මේ අතර බක්කුල මහ තෙරුන්ගේ කතා වස්තු කොටගත් ඩිජිටල් තොරණක් ද සීල සුව අරණේ දී ප්‍රදර්ශනය කෙරෙනවා. මීට අමතරව මෙම තොරණ පොළොන්නරුව පුලතිසිපුර වෙසක් කලාපයේ ද ඊයේ ප්‍රදර්ශනය කෙරුණා. 

මෙම ඩිජිටල් තොරණ අද දිනයේදී ගාල්ල උඩුගම ගොණදෙනිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවැත්වෙන වෙසක් කළාපයේ ද ප්‍රදර්ශනය කෙරෙනවා. එය මහගු අවස්ථාවක් බවයි නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති උඩුගම ඉන්ද්‍රජෝති හිමියන් පැවසුවේ.

www.nethfm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඕනෑම අයෙකුට ලොව ඕනෑම තැනක සිට මෙම ඩිජිටල් තොරණ නැරඹීමට දැන් හැකියාව පවතිනවා. 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිකරන බක්කුල මහා සෑයට මුල්ගල් තැබූ අසිරිමත් මොහොත පහතින් නරඹන්න