Sunday, September 22, 2024

General line - 0115112241

කිලිනොච්චියට ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමග නිවාස රැසකට හානි




කිලිනොච්චිය - පෙරියපරන්තන් ප්‍රදේශයට හමා ගිය දැඩි සුළගකින් නිවාස රැසකට හානි සිදුව තිඛෙනවා.

කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සදහන් කළේ ඊයේ පස්වරු 3 යි 30ට පමණ වර්ෂාවත් සමග සුළං තත්ත්වය හටගත් බවයි.

සුළග හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිඛෙනවා. නිවාසවල වහල ගැලවී ඇති අතර ඇතැම් නිවාස මතට ගස් කඩා වැටී ඇති බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ.