Sunday, September 22, 2024

General line - 0115112241

කිලෝ 198යි - මෑත කාලයේ හමුවූ විශාලතම මත්කුඩු තොගය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට




හලාවත මුතුපන්තිය දූපතේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 198ක් සොයා ගෙන තිඛෙනවා. 

ඒ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

 අද අලූයම මෙම වැටලීම සිදු කෙරුණා. 

එහි දී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවටයි හදුනාගෙන ඇත්තේ. 

මුහුදු මාර්ගය ඔස්සේ මෙම හෙරෝයින් තොගය මුතුපන්තිය දූපතට රැගෙනවිත් තිබුණා. එතැන් සිට සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් මෙම හෙරෝයින් තොගය කොළඹ දක්වා ප්‍රවාහණය කරමින් සිටිය දී මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. 

සැකකරු සහ හෙරෝයින් තොගය මෙන්ම ඒවා ප්‍රවාහණය කළ ඩිෆෙන්ඩර් රථයද මේ වනවිට හලාවත පොලිසිය භාරයට ගෙන තිඛෙනවා. 

මේ අතර මෙය මෑත කාලයේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගයක් වන අතර ඒ පිළිබද විශේෂ මාධ්‍ය හමුවක් අද දහවල් හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්වෙනවා.