Sunday, September 22, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ඩිජිටල් තොරණට රටවටෙන්ම ඉහළ ප්‍රතිචාර - දර්ශනීය ඩිජිටල් තොරණ ඔබේ නගරයට හෝ ගමට ගෙන්වා ගැනීමට දැන් අවස්ථාව




බක්කුල මහ තෙරුන්ගේ කතා වස්තු කොටගත් ඩිජිටල් තොරණක් ප්‍රදර්ශනය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝ නාලිකාව කටයුතු කර තිබෙනවා.

මෙම තොරණ පොළොන්නරුව පුලතිසිපුර වෙසක් කලාපයේ තවදුරටත් ප‍්‍රදර්ශනය කෙරෙනවා.

මෙම ඩිජිටල් තොරණ අද දිනයේදී ගාල්ල උඩුගම ගොණදෙනිය ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවැත්වෙන වෙසක් කළාපයේ ද ප‍්‍රදර්ශනය කෙරෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පරිශ්‍රයේ මුල්ගල තැබූ බක්කුල මහා සෑයට සමගාමීව, බක්කුල මහ තෙරුන් කතා වස්තු කොටගත් මෙම ඩිජිටල් තොරණ එහි සිටද  ප‍්‍රදර්ශනය කෙරෙනවා.

nethfm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද  ඕනෑම අයෙකුට ලොව  ඕනෑම තැනක සිට මෙම ඩිජිටල් තොරණ නැරඹීමට දැන් හැකියාව පවතිනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සහ මයි සයිට් අයි ටී සොලියුෂන්ස් ආයතන එක්ව ඉදිරිපත් කරන මෙම තෙරණ පූජ්‍ය ගනේකන්දේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ කාව්‍යමය දේශනාවන්ගෙන් හැඩගන්වා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරෙනවා. 

මෙම ඩිජිටල් තොරණ ඔබේ නගරයට හෝ ගමට ගෙන්වා ගැනීමේ හැකියාවද නෙත් එෆ් එම් රේඩියෝව උදා කර දී තිබෙනවා.‍

ඒ අනුව මෙම තොරණ ඔබේ ගමේ විහාරස්ථානයේ හෝ ඔබ සංවිධානය කරන වෙසක් කලාප සහ දන්සැල් ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කිරීමට හැකි වනවා.

077 18 60 126 දුරකථන අංකය ඇමතීමෙන් හෝ nethfm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ ගැන තවත් විස්තර දැනගත් හැකියි.