Sunday, September 22, 2024

General line - 0115112241

හමුදා ට්‍රක් රථයක් දුම්රියට බිළි වෙයි (PHOTOS)




චාවකච්චේරි සහ කොඩිකාමම් අතර ප‍්‍රදේශයකදී යුද හමුදාවට අයත් ට‍්‍රක් රථයක් දුම්රියක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරිමේදි මෙම ට‍්‍රක් රථය දුම්රිය මාර්ගය මත නතර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙතත් ට‍්‍රක් රථයේ සිටි සෙබළුන් තුන් දෙනෙකු ඉවතට පැන දිවි බේරා ගෙන තිබෙනවා.