Sunday, September 22, 2024

General line - 0115112241

උතුරෙන් නම් කළ "ජන සංහාර සතිය" හෙටින් ඇරඹෙයි - නීති විරෝධී දෙයක් වුණොත් පොලිසියත් සූදානමින්




හෙට (12) සිට ආරම්භ වන සතිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන එම්.කේ. සිවාජිලිංගම් "ජන සංහාර සතිය" ලෙස නම් කර තිබෙනවා.

යුද්ධයේදි මිය ගිය පිරිස් මෙම සතිය පුරා සමරන බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. 

ජන සංහාර සතියේ අවසන් දින සැමරුම සහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද සහභාගී වන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තවත් දෙමළ දේශපාලඥයන් බොහෝ දෙනෙකුද ඊට සහභාගි වන බවයි එම්.කේ. සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩිගෙන් ද විමසීමක් කළා.

ඔහු පැවසුවේ ප‍්‍රකාශයට පත් කර ඇති ‘‘ජන සංහාර සතිය‘‘ කිහිප දෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් සංවිධාන කෙරෙන්නක් බවයි.

කෙසේ වෙතත නීති විරෝධි යමක් සිදු වුවහොත් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.