Wednesday, May 8, 2024

General line - 0115112241

ආසියානු දැල්පන්දු රන් සිහිනය බොඳවෙයි




ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලිය පිළිබද ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තු අද බිද වැටුණා. ඒ, ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව හමුවේ පරාජයවීමත් සමගයි. සිංගප්පූරු කී‍්‍රඩිකාවන් එම තරගය ජය ගත්තේ ලකුණු 58 ට 32 ක් ලෙසයි.

ශි‍්‍ර ලංකාව 2015 වර්ෂයේදී ආසියානු යොවුන් දැල් පන්දු ශූරයන් බවට පත් වුණා. තරගාවලියේ 3 වන සහ සිව්වන ස්ථාන සදහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් හෙට දිනයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මෙවර ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.