Wednesday, May 8, 2024

General line - 0115112241

කොල්කටා පරදා මුම්බායි ජය ගනී




ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (13) පැවති තරගයෙන් ලකුණු නවයක ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

අම්බති රයිදු ලකුණු 63යි.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණයි. 

මේ අතර ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරදා කඩලු 08ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයද්‍රාබාද් කණ්ඩායම ද ඊයේ සමත් වුණා.