Sunday, September 8, 2024

General line - 0115112241

අයි සී සී ක්‍රිකට් ශූරයින්ට හිමිවන ත්‍යාග මුදල හෙළි කෙරේ




අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලබාදෙන ත්‍යාග මුදල අද හෙළි කෙරුණා. 

ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම දෙකක මුදලක් පිරිනමනු ඇති. 

දෙවන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන එකයි දශම එකක මුදලක් ලබාදීමටයි නියමිතව ඇත්තේ. 

අවසන් පූර්ව වටයට පිවිසෙන එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් හාරලක්ෂ පනස් දහසක් ලබා දෙනවා. 

තරග වදින කාණ්ඩයේ තුන්වන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට ලබාදෙන ත්‍යාග මුදල ඩොලර් අනූදහසක්. 

අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ද ඩොලර් හැට දහසක මුදලක් ලබාදෙනු ඇති.