Sunday, September 8, 2024

General line - 0115112241

විශිෂ්ට ජයක් සමඟ ක‍්‍රිකට් දැවැන්තයින් දෙදෙනෙක් පාකිස්තානය අත්හරියි 




ක‍්‍රිකට් ක‍්‍රීඩා ලොවේ දැවැන්තයන් දෙදෙනෙකු වන පකිස්තාන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මිස්බා උල් හක් සහ හිටපු නායක යුනිස් ඛාන් ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමු ගත්තා. 

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති තුන්වන ටෙස්ට් තරගයෙන් පසුවයි. 

තරගයෙන් පකිස්තානය ලකුණු 101ක විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. 

තරගයෙන් පසුව මෙම ක‍්‍රිකට් දැවැන්තයින් දෙදෙනා ක‍්‍රීඩා ලෝලීන්ගෙන් පමණක් නොව ප‍්‍රතිවාදී කණ්ඩායමේ ද ගරු බුහුමානයට ලක්වුණා. 

මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් යනු පකිස්තානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමට දායක වූ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ලෙසටයි සැලකෙන්නේ.