Sunday, September 8, 2024

General line - 0115112241

අයි සී සී කුසලානයට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය සාර්ථකව අවසන් වෙයි




අයි සී සී ශූරයින්ගේ කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී සහභාගී වූ දින 06ක පුහුණු සැසිය සාර්ථකව අවසන් කර තිබෙනවා. 

එහිදී පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැුකීම පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබාදී ඇති අතර ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණු සැසිද ඊට ඇතුළත් වුණා. 

ඒ සඳහා ප‍්‍රවීණ පුහුණුකරුවන් යොදාගත් අතර කණ්ඩායම් ක‍්‍රියාකාරකම් සහ ප‍්‍රශ්න ඇසීම්වලින් යුතු උපාය මාර්ගික සාකච්ඡා ද ක‍්‍රීඩකයින් වෙනුවෙන් ලබාදී තිබෙනවා. 

ක‍්‍රීඩකයින් කෙරෙහි තනි තනිව අවධානය යොමු කරමින් ඔවුන්ගේ තාක්ෂණ හා කුසලතා වර්ධනය කිරීමට පුහුණු සැසියේ දී අවස්ථාව ලැබුණු බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.  

මේ පිළිබඳ අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ආබාධ සහ වෙනත් සාධක හේතුවෙන් ඉකුත් මාස කිහිපයේ දී කණ්ඩායමක් ලෙස එක්ව ක‍්‍රීඩා කිරීමට නොහැකි වූ බවයි. 

එහෙත් මෙහිදී එක්ව වැඩ කරමින් එකිනෙකා තේරුම් ගැනීමට හැකිවීම විශේෂ දෙයක් බවද ඔහු කියා සිටියා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 18 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. ඊට පෙර කණ්ඩායමේ සාමාජිකයින්ට සිය පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගත කිරීම සඳහා දින 03ක විවේක කාලයක් ලබාදී තිබෙනවා.