Sunday, September 8, 2024

General line - 0115112241

IPL අවසන් වටයේ පළමු තරගය අද




මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් සහ රයිසින් පුනේ කණ්ඩායම් අතර අද (16) මුම්බායිහිදි පැවැත්වෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ තරග 14 න් තරග 10 ක් ජය ගනිමින්.

රයිසින් පූනේ කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි වූ අතර ඔවුන් තරග 14 න් තරග 9 ක් ජය ගැනීමට සමත් වුණා.

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය ඉන්දිය රුපියල් කෝටි 25.8 ක් වනවා.