Sunday, September 8, 2024

General line - 0115112241

කැනඩා කි‍්‍රකට් සංචිතයට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් දෙදෙනෙක් නම් කරයි 




ඉදිරි තරගාවලි සදහා නම් කළ කැනඩා ජාතික කි‍්‍රකට් සංචිතයට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා. 

දනුක පතිරණ සහ ශී‍්‍රමන්ත විජේරත්න යන කී‍්‍රඩකයින් එලෙස නම් කළ අයයි. 

දනුක පතිරණ ඉකුත් 2007 වර්ෂයේ ලැන්කර්ෂයර්හි පැවති විස්සයි විස්ස තරගයකදි පන්දු 72 කට මුහුණ දෙමින් ලකුණු 277 ක් රැස් කිරීමට සමත් වුණා. 

ඔහු පළමු පෙළ තරග 85 කට එක්වෙමින් ලකුණු තුන්දහස් දෙසිය තිස්දෙකක්ද රැස්කිරීමට සමත්වී සිටිනවා. 

ඒ, ශතක පහක්, අර්ධ ශතක 17 ක් ද සමගින්. දනුක පතිරණ කලක් කෝල්ට්ස් කී‍්‍රඩා සමාජයද නියෝජනය කළා. 

කැනඩා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට කැදවූ ශී‍්‍රමන්ත විජේරත්න  පළමු පෙළ තරග 18 කට කී‍්‍රඩා කර තිබෙනවා.