මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්ටීවන් ස්මිත් නායකත්වය දැරූ රයිසින් පූනේ කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ පැවති අවසන් වටයේ පළමු තරගයේදී මහේල ජයවර්ධන පුහුණුකරු ධුරය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් රයිසින් පූනේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 04ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
මහේන්ද්‍රසිං දෝනි පන්දු 26කදී හයේ පහර 05ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 40ක්.
ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 142ක් පමණයි.
කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙම තරගය පරාජයට පත්වුවද අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් අවස්ථාවක් හිමිව තිබෙනවා.