Sunday, September 8, 2024

General line - 0115112241

ටොරිංටන් ක‍්‍රීඩාංගණයේ පුහුණුවට පැමිණි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අමාරුවක (PHOTOS)




කොළඹ ටොරිංටන් ක‍්‍රීඩාංගණයේ පුහුණු වීම් සඳහා අද පැමිණි මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැඩි අපහසුතාවකට පත් වුණා. 

ඒ, ක‍්‍රීඩාංගණයේ ඇති ජල නලයක් කැඞීයාම හේතුවෙන්. ක‍්‍රීඩාංගණයේ කොටසක් ජලයෙන් පිරි තිබීම නිසා තමන්ට නිසි ලෙස පුහුණුවීම්වල නිරත වීමට නොහැකි වූ බවයි ඔවුන් Neth Sportsman වෙත පැවසුවේ. 

දින 03කට පෙර සිට මෙම ජල නලය කැඞී ගොස් ඇති අතර ඒ පිලිබඳව බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නැහැ.