Saturday, July 27, 2024

General line - 0115112241

ප්ලාස්ටික් සහල් ගැන මතය හෙළි කරන්න - පාරිභෝගික සංවිධානයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලයි




ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති ආන්දෝලය පිළිබ`ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය මතය වහා හෙළි කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ 1980 අංක 26 දරන ආහාර පනත අනූව ආහාර සම්බන්ධයෙන් නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවයි. 

එබැවින් මෙම ගැටළුව සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ ඔහුගේ මතය වන බව ද රංජිත් විතානගේ පෙන්වා දුන්නා.