Sunday, September 22, 2024

General line - 0115112241

උමා ඔය ගැටළු විසඳන්න බලධාරීන්ට කෙටි කාලයක් දෙනවා




උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි සාමාජික, ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම සිදු කළ බවයි. 

උමා ඔය ව්‍යාපෘතියේ උමග තුළ සිදු වන ජල කාන්දුව නතර කිරීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 

සාකච්ඡාවේදී ලැබුණු ප‍්‍රතිචාර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වුවත් පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට බලධාරීන්ට කෙටි කාලයක් ලබාදෙන බවයි පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.