Sunday, September 22, 2024

General line - 0115112241

අද සිට බස්ගාස්තු වැඩිවෙයි - නව ගාස්තු පිළිවෙල මෙන්න




බස්‌ ගාස්‌තු අද (01) සිට සියයට 6.28 කින් ඉහළ නැංවෙනවා. ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගයන්හි බස්‌ ගාස්‌තු ද ඉහළ නැංවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටිනවා.

ගාස්‌තු වැඩිවන්නේ මෙලෙසයි.

අවම රුපියල් 9 ගාස්‌තුව 10 දක්‌වාත්, 12 ගාස්‌තුව 13 වශයෙන් ද ඉහළ යන අතර රුපියල් 16, 20, 24 යන ගාස්‌තු අවස්‌ථා රුපියලකින් ඉහළ නැංවෙනවා.

රුපියල් 33, 36, 38, 40, 43 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දෙකකින් ඉහළ නැංවේ. දැනට පවතින රුපියල් 45, 47, 50, 52, 54 යන ගාස්‌තු රුපියල් තුනකින් ද රුපියල් 56, 58, 60, 63, 65, 67, 69, 72, 74 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් හතරකින් ද ඉහළ නංවා ඇත.

රුපියල් 76, 78, 81, 83, 85 යන ගාස්‌තු රුපියල් පහකින් ද රුපියල් 87, 89, 92, 96, 98, 101, 103 යන ගාස්‌තු රුපියල් හයකින් ද ඉහළ නංවා ඇති අතර රුපියල් 105, 107, 110, 112, 114, 116, 119, 121 යන ගාස්‌තු රුපියල් හතකින් ද රුපියල් 123, 125, 127, 130, 132 යන ගාස්‌තු රුපියල් අටකින් ද රුපියල් 134, 136, 139, 141, 143, 145, 148, 150, 151, 154 යන ගාස්‌තු රුපියල් නවයකින් ද රුපියල් 156, 158, 160, 163, 165, 167 යන ගාස්‌තු රුපියල් දහය බැගින් ද රුපියල් 169, 171, 174, 176, 178, 180, 182, 185, 187, 189 යන ගාස්‌තු රුපියල් එකොළහකින් ද ඉහළ යනවා.

ගාස්‌තු අවස්‌ථා රුපියල් 191, 193, 196, 198 රුපියල් දොළහකින් ද රුපියල් 200, 202, 204, 207, 209, 211 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දහතුනකින් ද රුපියල් 213, 215, 218, 220, 222, 224, 226, 229, 231 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දාහතරකින් ද රුපියල් 233, 235, 237, 240, 242, 244, 246, 249 යන ගාස්‌තු රුපියල් පහළොවකින් ද ඉහළ යනවා.

මේ අතර අන්තර් පළාත් බස්‌ සේවා ගාස්‌තු ද ඉහළ දැමෙන අතර කොළඹ - මහනුවර රුපියල් 159 ක්‌, කොළඹ - කෑගල්ල 112 ක්‌, මීගමුව - කෑගල්ල 104 ක්‌, කොළඹ - මාතර 203 ක්‌, කොළඹ - හම්බන්තොට 278 ක්‌, කොළඹ - අනුරාධපුරය 252 ක්‌, 

කොළඹ - පුත්තලම 168 ක්‌, කොළඹ - කුරුණෑගල 128 ක්‌, මහනුවර - යාපනය 405 ක්‌, 

මහනුවර - ත්‍රිකුණාමලය 229 ක්‌, 

කොළඹ - මඩකලපුව 388 ක්‌, කොළඹ - යාපනය 501 ක්‌ දක්‌වා ආදී වශයෙන් ද ගාස්‌තු ඉහළ යනවා.

මේ අතර අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්‌වා රුපියල් 410 ක්‌ ද මහරගම - මාතර 500 ක්‌ ද කඩුවෙල - මාතර 520 ක්‌ ද මාතර - මීගමුව 670 ක්‌ ද කොළඹ - මාතර 530 ක්‌ ද කඩවත - මාතර 540 ක්‌ ද කඩුවෙල - ගාල්ල 430 ක්‌ ද වශයෙන් ඉහළ දමන බව ද ප්‍රකාශයට පත්කර ඇත.

නව ගාස්‌තු සම්බන්ධව යම් ගැටලුවක්‌ ඇති වුවහොත් 0112-554476 හෝ ක්‍ෂණික ඇමතුම් 1955 යන දුරකථන අංකවලට කතාකොට තොරතුරු විමසිය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටිනවා.