Sunday, September 22, 2024

General line - 0115112241

 මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් අත්හිටුවයි !




ඩෙංගු පැතිරයාමේ අවදානම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු  සති දෙකකට නවතා දමා තිබෙනවා. 

විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත විශ්ව විද්‍යාලය ඇතුළත සහ පිටත පරිසරය සෞඛ්‍යාරක‍ෂිත කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ඩෙංගු ආසාදනය වූ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියක් මියගොස් තිඛෙනවා. 

ඇතැම් අය චෝදනා කරන්නේ මෙම සිසුවිය ප්‍රතිකාර සදහා රැගෙන ගිය අවස්ථාවේ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් ඇය නේවාසික ප්‍රතිකාර සදහා භාර නොගත් බවටයි.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළා.

ඔහු කියාසිටියේ අදාළ චෝදනා ප්‍රතික්ෂේප  කරන බවයි.


කළුබෝවිල ශීක‍ෂණ රෝහලේදී කිසිවිටෙකත් නේවාසික ප්‍රතිකාර අවශ්‍ය කිිසිදු රෝගියෙකු එම ප්‍රතිකාර ලබා නොදී ආපසු හරවා නොයවන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී අවධාරණය කළා.