Sunday, September 22, 2024

General line - 0115112241

කාණු සුද්ද කරන්න කැමති ඇමති 




වගකිවයුතු ආයතන නෑසුනා මෙන්  සිටින්නේ නම් අපවිත්‍ර වූ කාණු පද්ධති පිරිසිදු කිරීමට මහජන නියෝජිතයෙකු ලෙස තමන් සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ පිටකෝට්ට බැද්දගාන ප්‍රදේශයේ අපවිත්‍ර වූ ඇළ මාර්ගයක පිරිසිදු කිරීම් අද නිරීක්ෂණයකරමින්. 


පිටකෝට්ට බැද්දගාන ප්‍රදේශයේ අදාළ ඇළ මාර්ගය පිරිසිදු කරන්නැයි අවස්ථා ගණනාවකදී කෝට්ටේ මහනගර සභාවෙන් ඉල්ලීම් කර තිබුණා. 

එහෙත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති අතර අද එම ඇළ මාර්ගය පිරිසිදු කෙරුණේ නාවික හමුදාව විසින්. 

ඒ අනුව කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සහ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ දැඩි කළකිරීමක් බවද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියාසිටියා.