Sunday, September 22, 2024

General line - 0115112241

උසාවිය පිරිසිදු කරන්න ආපු ඇමතිතුමා 




කසළ කළමණාකරණය සඳහා නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීම ද ඩෙංගු උවදුර මෙතරම් දරුණුවීමට බලපා ඇති බව  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ,ඩෙංගු මර්දනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව වී ලීඩ් ශ්‍රී  ලංකා සංකල්පය යටතේ ආරම්භ කළ මහජන සහභාගිත්ව වැඩසටහන සමග එක්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ මෙහෙයවීමෙන් සහ අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් අලූත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිදු කෙරුණු පිරිසිදු කිරීම් සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද එක්ව සිටියා. 

රටපුරා සියලූ අධිකරණ පරිශ්‍ර අද (1)පිරිසිදු කෙරුණා. 


විසදුම් පිළිබද සාකච්ඡා කිරීමට හෝ කිසියම් පාර්ශවයකට චෝදනා කිරීමට සීමා නොවී රට වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙය තමන් විසින්ම ඉටුකිරීම වී ලීඩ් ශ්‍රී  ලංකා සංකල්පය යටතේ දිරිමත් කෙරෙනවා. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායන්ගේ සහභාගිත්වයෙන් බද්දේගම සහ හපුගල යන ප්‍රදේශවලදී ඉකුත්දා සිදු කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුම්ද සංවිධාන කෙරුණේ මෙම සංකල්පය යටතේයි.