Sunday, September 22, 2024

General line - 0115112241

පිරිත් පින්කම අතර සරසවි සිසුන්ට එල්ලවූ ප්‍රහාරය අවස්ථාවේ ලබා ගත් දර්ශන මෙන්න (VIDEO)




ජයවර්ධනපුර  සරසවියේ දී හටගත් ගැටුමට අදාළ වීඩියෝව nethnews.lk  වෙත ලැබී තිබෙනවා.

 
ඊයේ (30) මධ්‍යම  රාත්‍රි  මෙම ගැටුම හටගෙන ඇති අතර  සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා.

සිසුන් විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය  බලකාය කැඳවූ බව   පොලිසිය  කියා සිටියා.


වාර්ෂිකව සංවිධානය කරන  පිරිත් පින්කම අතර  මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

නවක වදය අවශ්‍ය  බවට මතයක් දරණ පිරිසක් පිහිටුවාගත් ශිෂ්‍ය  සංගමයක් රාත්‍රී  11ට පමණ මුහුණු ආවරණය කරගෙන ගල්,වීදුරු,පොලු සහ තවත් ආයුධ රැගෙන පැමිණ පිරිත් ශ්‍රවණය  කරමින් සිටි සිසුන්ට පහර දුන් බවට ඇතැම් සිසුන් චෝදනා නගනවා.

මේ සම්බන්ධයෙන් වන දර්ශන පහතින් නැරඹිය හැකියි.