Sunday, September 22, 2024

General line - 0115112241

ජනප්‍රිය  පාසල් සඳහා පවතින තරගයට හොඳම විසඳුම ජනපති කියයි




ජනප්‍රිය  පාසල් සඳහා පවතින තරගයට හොඳම විසඳුම ග්‍රාමීය පාසල් සංවර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා  එම අදහස් පළ කළේ බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලීය සියවස් සැමරුම වෙනුවෙන් අද පැවැති උත්සවයකදීයි. 

ග්‍රාමීය පාසල් සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව දැනටමත් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.


දරුවන්ට පාසලේදී ලැබෙන ආරක‍ෂාව පාසලෙන් පිටතදී නොලැබී යන බවද ජනාධිපතිවරයා පවසනවා. 

මව්පියන් සමග සිටීමේදීද ඇතැම්විට දරුදැරියන්ට ප්‍රමාණවත් ආරක්‌ෂාවක් නොලැඛෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

සියවස් සැමරුම වෙනුවෙන් බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අධ්‍යාපනික සහ වෙළද ප්‍රදර්ශනයක්ද සංවිධාන කර තිඛෙනවා. 

ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.