Saturday, October 19, 2024

General line - 0115112241

5 වසර ශිෂ්‍යත්ව විභාගයට දින නියමවෙයි




මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21දා පෙරවරු 9.30ට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959දී විභාගය පැවැත්වෙනු ඇති. මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්කරුවන් 350701 දෙනෙකු පෙනී සිටිනවා.

විභාග අංක ඇතුළත් ප‍්‍රවේශ පත‍්‍ර ඊයේ (18) විදුහල්පතිවරුන්ට තැපැල් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. ලබන 29 වෙනිදාට පෙර ඒවා නොලැබුණහොත් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛාව අමතන ලෙසට විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.