Tuesday, September 24, 2024

General line - 0115112241

රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති බන්ධනාගාරයට




මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට රජයට බලකරමින් දිවයින පුරා මහජනතාව විසින් පවත්වන විරෝධතා ව්‍යාපාර දිනෙන් දින දැඩි වෙමින් පවතින මොහොතක රජය එම සයිටම් ගැටලුවට පිළිතුරු ලබා දෙනවා වෙනුවට එම විරෝධතා දක්වන වෘත්තීය සමිති, සිසු නායකයින් මර්ධනය කිරීමේ සැලසුමක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙනවා.

පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් මුල්කරගනිමින් සිසු නායකයින් දඩයම් කරමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

දැනට දින කිහිපයකට ඉහත රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිවුවන වසරේ සිසුවෙකු මාතර නගරයේදී පැහැර ගැනුණු අතර තවත් සිසුන් සිවුදෙනෙකු පැහැර ගැනීමට ආයුධ සන්නද්ධව පැමිණීමේ සිදුවීමක් රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය අසලදී සිදුව තිබෙනවා.  

එම සිදුවීමේ දර්ශන අසල තිබු CCTV කැමරාවකද සටහන් වී තිබෙනවා.

අද (28) දිනයේද රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු සහෝදරයා තම අධ්‍යන කටයුත්තක් සඳහා දික්වැල්ල ප්‍රදේශයට ගොස් සිටියේදී දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.