Tuesday, September 24, 2024

General line - 0115112241

පහේ හපනුන්ගේ ඔන්ලයින් විභාගයේ ප්‍රතිඵල එයි (UPDATE)




grade5.lk මගින් පැවැත්වුණු පහ ශ්‍රේණිය පෙරහුරු ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. grade5.lk වෙබ් අඩවිය හෝ grade5.lk ඇන්ඩ්‍රොයිඞ් ඇප් එකෙහි සිය භාවිත නම සම නිවැරදි මුරපදය යොදා විභාගයට පෙනී සිටි දරු දැරියන්ට අදාළ ප‍්‍රතිඵල ලබාගත හැකියි. 

අද පෙරවරු නවයේ සිට දහවල් 12 දක්වා මෙම පෙරහුරු විභාගය පැවැත්වුණා. එහිදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අයදුම්කරුවෙක්. කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි අයෙකු දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා. තුන්වන ස්ථාන දෙකක් වන අතර එම ස්ථාන හිමිකර ගෙන ඇත්තේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අයදුම්කරුවෙක් සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ අයදුම්කරුවෙක්. 

මේ අතර අද දිනයේ මෙම පෙරහුරු විභාගයට පෙනී සිටීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් අදාළ ප‍්‍රශ්න පත‍්‍රයට හෙට සිට පිළිතුරු සැපයීමට හෙට සිට අවස්ථාව උදා වනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ grade5.lk  වෙබ් අඩවියට පිවිසීමයි. 070 300 11 55 දුරකතන අංකය ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකි වනවා.

පහේ හපනුන්  විශාල පිරිසක් ඔන්ලයින් විභාගයට එක් වෙයි

----------------------------------------------------------------------------------------------------- 

Grade5.lk ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (29) දහවල් 12.00ට අවසන් වුණා. 

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් විශාල පිරිසක් උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා අන්තර්ජාලය ඔස්සේ එම පෙරහුරු විභාගයට පෙනී සිටියා. 

Mysite IT Solutions පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු නිලුප සංජය ලියනගේ  ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස පහතින්.

මේ අවස්ථාව වන විට අප රැදී සිටින්නේ නාවල Crowderia පුද්ගලික අායතනයේ පිහිටි Grade5.lk විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ. අද උදෑසන සිට විශාල සිසුන් පිරිසක් මේ සඳහා සහභාගි වුණා. ඇත්තෙන්ම ඔවුන්ට මෙය සුවිශේෂ අත්දැකීමක්. විශාල සිසුන් ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වුණා. හෙටටත් අපි බලාපොරොත්තු වනවා ප්‍රතිපළ ඉතාමත් ඉක්මණින් ලබා දීමට. 

මෙම අවස්ථාව දී Crowderia අායතනයේ ප්‍රධාන මෙහෙයුම නිලධාරී මොහාන් ද සොයිසා පැවසුවේ මෙම ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් බවයි. අපගේ නිලධාරීන් 100 අධික ප්‍රමාණයක් මේ සඳහා එක වී සිටින බවයි ඔහු  ප්‍රකාශ කළේ.

------------------------

පහේ හපනුන්ට පළමු ඔන්ලයින් විභාග අත්දැකීම අද (29-07-2017 05:53)

Grade5.lk   සංවිධාන කරන පෙරහුරු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. 

මේ සඳහා ලියාපදිංචි වී සිටින දරු දැරියන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. 

අද උදෑසන 9.00 සිට 12.00 දක්වා ඔන්ලයින් ක්‍රමයට මෙම විභාගය පැවැත්වෙනවා. 

ඔන් ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු විභාගය ද මෙයයි. 

මෙම විභාගය සඳහා ලියාපදිංචි වීමට ඔබට තවදුරටත් අවස්ථාව තිබෙනවා. 

ඒ සඳහා ඔබ කළ යුත්තේ Grade5.lk වෙබ් අඩවියට පිවිස එහි සඳහන් උපදෙස් අනුව කටයුතු කිරීමයි. 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන මෙම විභාගය සඳහා කිසිදු ගාස්තුවක් ද අය කෙරෙන්නේ නැහැ. 

වැඩිම ලකුණු ලබා ගන්නා දරු දරුයන්ට ත්‍යාග පිරිනැමීමට ද නියමිතයි. 

070 300 11 55 අංකය ඇමතීමෙන් Grade5.lk සංවිධාන කරන මෙම පෙරහුරු විභාගය පිළිබඳ තවදුරටත් විස්තර දැන ගත හැකි වනවා.