Tuesday, September 24, 2024

General line - 0115112241

යාපනයේදී පොලිසියට පහරදුන් කණ්ඩායම පළා යයි




යාපනය කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප‍්‍රදේශය හැර පලාගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

මෙම පහරදීම ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි සැක පහල වී තිබෙනවා. පරීක්ෂණ සඳහා අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 04ක්. 

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ යොදා ගනිමින් සිදු කළ මෙම පහරදීමෙන් පසු යාපනයේ පොලිස් ආරක්ෂාව ද දැඩි කළා. 

කඩු සහ කෙටේරි යොදා ගනිමින් ඊයේ පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් කෝපායි පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි.

යතුරුපැදි 07කින් පැමිණි තරුණයින් 15 දෙනෙකු පමණ මෙම පහරදීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.